නොදැන ගියාම වෙන අකරතැබ්බ ලෙවිස් හැමිල්ටන්ටත් පොදුයි

Date:

ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා තරගාවලිය අතරතුර ස්වේච්ඡා නිලධාරීන් භාරව සිටි විශ්ව විද්‍යාල ආචර්ය මනීශ් පාන්ඩේගෙන් මටත්,හසිත අකලංකටත් ඇරයුමක් ලැබිණ.ඒ මධු පානයකටය.ස්ථානය හැටියට පැවසුවේ නවදිල්ලියේ ප්‍රෙස් ක්ලබ් නම් වූ මාධ්‍යකරුවන්ට වෙන් වූ අවන්හලය.එදින මංජු වන්නිආරච්චිගේ තරගයද පැවති බැවින් අපි මදක් පමා විමු.ඒ බව අවස්ථා කිහිපයකදී මනීහ්ව දැනුවත් කළේය.මිත්‍ර සරෝජ පතිරණ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ගැන සජීවීව බීබීසි ය සඳහා අදහස් ලබා ගත්තේ මගෙන්ය.ප්‍රමාදය එබැවින්ය.
අප එහි යන විට මනීශ් සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයික්න් සැරසී මඟ බලාගෙන සිටියේය.අප සිටින්නේ නිල ටීෂර්ට් එකෙන් සහ ඩෙනිමෙන් සැරසී පත ගමන් මලු ද කර එල්ලාගෙනය.මනීහ් අපව එම තැනට නිශ්චිත ඇඳුමක් ඇති බව කියා නොතිබිණ.දැන් අපව ආපසු හරවා යවන්නටද බැරිය.ඔහු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස එහි කාගෙත් ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක්ව සිටි නිසා සියල්ල දැනුවත් කර අප දෙදෙනාට ඇඳගෙන සිටි ඇඳුමෙන් සමාජ ශාලාව ඇතුළට යාමට අවසර ලබා ගැනීමට හැකි විය.නමුත් එය අතිශ්‍යින්ම අපහසු අවස්ථාවක් වූ අතර බීම කඩිනමින් නැවතිණි.

මේ ආකාරයටම 2015 දී සුප්‍රකට ෆෝමියුලා මොටර් රථ ධාවන සූර ලෙවිස් හැමිල්ටන්ට වැරදි ඇඳුමක් ඇඳගෙන පැමිණීම නිසා විමිබල්ඩන් තරගය නැරඹීමට අවස්ථාව ලැබුණේ නැත.සපුරා යුරෝපා ඇඳුම් කට්ටලයිකින් නොපැමිණයහොත් එතුළට වද්දා ගන්න නොහැකි බව සුපිරි ධාවන සූරයාට ඔවුහූ දැනුම් දීමට පියවර ගත්හ.
වසර 40 කට ආසන්න කාලයක් සෙන්ටර් කෝට් හි ආරක්ෂක කණ්ඩායමට නායකත්වය දුන් ඇලන් චාමර්ස් පැවසුවේ,” ඔහු ජැකට් එකක් හෝ ටයි පටියක් ඇඳ සිටියේ නැත. විම්බල්ඩන් යනු මාර්බෙල්ලා හි වෙරළක් නොවේ, එය ප්‍රධාන ටෙනිස් තරඟාවලියකි” යනුවෙනි.ලංකාවේද ඇතැම් අවන්හල්වලට සෙරෙප්පු පැළද යා නොහැකිය.මම ඒ අත්දැකීම ද විඳ ඇත්තෙමි.

හැබැයි හැමිල්ටන් පිළිගත් ආකාරයටම ඒ සංස්කෘතියට සහ සම්ප්‍රදායට ගරු කරනවා හැරෙන්න හැමිල්ටන් ඒ සම්ප්‍රදාය ඉදිරියේ තමන්ගේ ලෝක සූරකම ආපස්සට ගත් ආකාරයටම අපද අපේ මාධ්‍යවේදීකම හෝ වෙනත් තනතුරු අගයන් ආපස්සට ගත යුුතු වන්නෙමු.තැනකට ඇතුල්විය යුතු ආකාරයක් දක්වා තිබෙනවානම් හෝ එවැනි සම්ප්‍රදායක් තිබෙනවානම් අප ඒවා දත යුතුය.එසේ දැන ගැනීම නිසා නැවත හැරී එන්නට සිඳු නොවන ආකාරයට අපට එහි යා හැකිය.නැතිනම් ඒ කියන ආකාරයට යා නොහැකිනම් හෝ එසේ යාම අරුචිනම් නොගොස් සිටිය හැකිය.
වැඩ කරද්දී අපට අපි කවුද කියන කාරණයට වඩා වැදගත් කරන වැඩයට ගැලපෙන විදිහට සිතීම සහ සිටීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...