*
Monday, September 30, 2024
spot_img

Latest Posts

කිරි ගව පාලනයට රුපියල් මිලියන 250ක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  IDELF ( France Institut De L’Elevage (French Livestock Institute) හෙවත් ප්‍රංශයේ පශු සම්පත් ආයතනය සහ AFD ( French Agency for Development) හෙවත් සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය යන ආයතන  ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වේ.

එම නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා යුරෝ ලක්ෂ 07ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී තිබෙන බව පැවසේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡා කර  ඇති අතර , කිරිගව පාලනය සම්බන්ධව මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් යෝජනා කිහිපයක් ඉහත සඳහන් ආයතන වෙත ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව එම ආයතන දෙක ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනයට මුල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික සහයෝගය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට කිරි කර්මාන්තයේ ධාරිතා වර්ධනය, කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරිගව පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම යන කාරණාවන් සඳහා මෙම ආයතන දෙකෙහි සහයෝගය පළ කර තිබෙන බව තොරතුරු වාර්තා වේ.

එමෙන්ම මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිත අතර , මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සදහා අවශ්‍ය මුල්‍යාධාර හා තාක්ෂණික සහයෝගය ලබා දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනයට රජය වෙනුවෙන් කෘතඥතාවය පළ කරන බවද මෙහිදී පවසා සිටියා.

තවද,  ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටි හෙයින් මෙරට පශු සම්පත් පාලනයේ දී සත්ව සෞඛ්‍ය සංරක්ෂණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයොගිතාවය පළ කිරීම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan