ආනයන සීමා නිසා විශාල මුදලක් ඉතිරි වුණා –  සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): භාණ්ඩ 286ක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද(18) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී , පැවති ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ආනයන සීමා පැනවීම හේතුවෙන් රටට රුපියල් 52,638ක් ඉතුරු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය .

එසේම  තවත් ආනයන සීමා පනවා ඇත්තේ භාණ්ඩ 930කට පමණක් බවද  අමාත්‍යවරයා කියා සිටියේ. පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන්  ආනයනික භාණ්ඩවලින් 82%කට සීමා පැනවීමට සිදු වූ අතර විවිධ ඉල්ලීම් මත ක්‍රම ක්‍රමයෙන් භාණ්ඩ ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටී.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසූවේ ඉදිරියේදී තවත් භාණ්ඩ 300ක පමණ සිමා ඉවත් කිරීම පිළිබඳ සොයා බලමින් සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...