කෝඩුකාර නේපාලය ශ්‍රී ලංකාව ඉදිරියේ පසු බසී

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 19, LNW කොළඹ :
අවුරදු 20 න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය නියෝජනය කරන අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නේපාල කණ්ඩායමට එරෙහිව තරග වට 3-1 ක ජයක් ලබමින් තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කරන්නට සමත් වෙනවා.මාල දිවයිනේ පැවත්වෙන මෙම තරගාවලිය සඳහා පළමු වරට සහභාගි වන නේපාල කණ්ඩායම මෑත කාලයේ ඔවුන්ගේ ජාතික කාන්තා කණ්ඩායම දක්වන දස්කම් පදනම් කරගෙන ඉහළ බලාපොරොත්තු තබා ගනිමින් තරගාවලියට පැමිණිය ද ආරම්භයේදීම ශ්‍රී ලංකා යෞවනියෝ එම බලාපොරොත්තුවලට හානි කළහ.
වැඩුණු සිරුරු සහ ප්‍රහාරයන්ගෙන්ද ශක්තිය සහ වේගය මතු කළ නේපාල ක්‍රිඩිකාවන්ට වඩා ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරගයේ ඒ මොහොත සම්බන්ධයෙන් විශාල අවබෝධයකින් කටයුතු කළ බව දකින්නට තිබිණ.ඒ නිසාම නේපාල ක්‍රීඩකයින්ට වඩා උපායශීලීව මුහුණ දෙන මොහොත ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයෙන් කළමණාකරනය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් සිය උපරිමය ලබා දෙන්නට කැප විණි.එහෙත් නායිකා චතුරි පූර්ණිමා,සුලක්ෂණා පසිඳුනි,හර්ෂනී නිසංසලා,පූජා අත්තනායක,සෙසාන්දි රුවන්යා සහ ලිබරෝ ක්‍රීඩිකා විමන්සා ප්‍රභානි නිතර පිටියේ දකින්නට ලැබුණු ප්‍රතිවාදීන්ව පාලනයට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම විය.ඒ අතරින් මොහොත කළමණාකරණය කිරීම මෙන්ම නිරන්තරයෙන් පන්දුවේ චලනය පිළිබඳ විශාල අවධානයකින් පිටිය තුළ හැසිරීමේදී සුලක්ෂණා පසිඳුනි පෙන් වූ පරිනතතම විදෙස් විචාරයේදි පවා ඇගයිණි.

තරගයේ ලකුණු සටහන 25 – 20,24 -26,25 – 11 සහ 25 – 18 ක් ලෙස විය.ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල පවා දකින්නට ලැබෙන මූලික වරදක් වන පන්දුව පිරිනැමීම මෙන්ම ප්‍රහාර පන්දු පිටියෙන් පිටත රැඳවීමද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ඉතාමත් අඩුවෙන් දකින්නට ලැබිණ.අද (ජූලි 19) ඔවුන් මාල දිවයින කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙන අතර හෙට (ජූලි 20) ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ කිර්ගිස්තාන කණ්ඩායමය.තරගාවලිය අරඹමින් සත්කාරක මාල දිවයින කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කිර්ගිස්තානය වට 3-0 ක ජයක් ලැබීය.

මේ සමඟ තරගයේ ඡායාරූප මෙන්ම කණ්ඩායම් ඡායාරූපය සමග තරගාවලිය නියෝජනය කරන කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ද දැක්වෙන අතර එම සමූහ ඡායාරූපයේ පිළිවෙලට පහත නම් සඳහන් කර ඇත.

ඉදිරිපස පේලි වමේ සිට
සුලක්ෂණා පසිදුනි -වික්‍රමශීලා ජාතික පාසල, ගිරිඋල්ල
පවනි පබසරා – විජයභා ජාතික පාසල – හුංගම
නෙත්මි දිව්‍යාංජලී – විජයභා ජාතික පාසල – හුංගම
නෙත්යා මින්දුලී – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය
විමන්සා ප්‍රභානි – සංඝමිත්තා බාලිකා විද්‍යාලය – කිරිඳිවැල
පුජා අත්තනායක – ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය
හර්ෂනි නිසංසලා -වික්‍රමශීලා ජාතික පාසල, ගිරිඋල්ල
චතුරි පූර්ණිමා – -වික්‍රමශීලා ජාතික පාසල, ගිරිඋල්ල
පසුපස පේලිය වමේ සිට
දිල්කි නෙත්සරා – වලස්මුල්ල ජාතික පාසල
හිමායා පාරින්දි -වික්‍රමශීලා ජාතික පාසල, ගිරිඋල්ල
ඉෂංකා බාලසූරිය මහත්මිය -අභ්‍යාසක,
අමිල විජේපාල මහතා- ප්‍රධාන පුහුණුකරු,
ඩබ්.පී.අයි සමරකෝන් මහත්මිය – කලමණාකරු,
හෂාන් දමිත් මහතා – සහාය පුහුණුකරු,
ලහිරු දිල්ෂාන් – කණ්ඩායම් විනිසුරු,
සෙසාන්දි රුවන්යා රාජසිංහ මහා විද්‍යාලය-රුවන්වැල්ල
වත්ෂිකා දිල්ෂානි – විජයභා ජාතික පාසල – හුංගම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි...

අද – හෙට – අනිද්දා පළමු පෙළ කාන්තා තරග

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: හර්ෂිතා සමරවික්‍රම මේ වන විට...

මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්……!

අශෝක ජයතුංග අගෝස්තු 03 වොෂින්ටන් LNW : 🍎හිමිවරු හා ලාංකිකයන් රැසක්...