මැතිවරණ කොමිසමත් පනින රිලවුන්ට ඉනිමං බදිනවා!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයට දින ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරමින් තිබීම ප්‍රශ්නකාරී බව ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ පවසයි.

මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම සඳහා සුබ වේලාවක් බැලීම,අධිකරණ නියෝග පැමිණේද යන්න බල සිටීම යන කාරණා අදාළ නොවන අතර මේ මොහොතේ ඒ සම්බන්ද්යෙන් කිසිවෙකු හෝ අධිකරණයට ගොස් නැති බවයි මුදලිගේ සඳහන් කරන්නේ.

”මැතිවරණ කොමිසමට බලය ඇවිල්ලා පැය 48ක්. මැතිවරණ කොමිසම කියනවා රාහු කාලය බලල දින කියන්නම් කියල. අපි මැතිවරණ කොමිසමටත් කියනවා පනින රිලවුන්ට ඉනිමං බදින්න එපා කියල. අපිට මැතිවරණ කොමිසමෙන් අහන්න තියෙන්නේ ඇයි කල්දාන්නෙ. ඇයි දවස 15ක් ගන්නේ. රනිල් වික්‍රමසිංහ මේකට කල්දගන්න නම් බලන්නේ එකට එයා ගේම් ගහන්න බලනවා නම් මැතිවරණ කොමිසමට කියන්න බැහැ අපි හොඳ වෙලාවක් බලල කියන්නම් සුභ නැකත බලලා කියන්නම්, ඊට පස්සේ අධිකරණයෙන් නියෝග එයිද කියල බලල කියන්නම්.අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මැතිවරණ අයිතිය අහෝසි කරනවා නම් අපි ඒකටත් විරුද්ධයි.ඒ වගේම මැතිවරණ කොමිසම හිතාමතාම හෝ නොදනුවත්ව ඒකට අදාළව දවසක් හරි කල්දාලා මැදිහත්වීමක් කරනවා නම් අපි ඒකටත් විරුද්ධයි.” යනුවෙන් වසන්ත මුදලිගේ වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...