සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 21ක් අත්අඩංගුවට

Date:

අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිතර වී සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු ඊයේ (18) පෙරවරුවේ කිරුලපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ වීසා ඉකුත් වූ පසුවත් නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරමේ නිරත වී සිට ඇති බව සඳහන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මේ බව අනාවරණය කරගෙන මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සියලුදෙනා අවුරුදු 22-36ත් අතර පසුවන්නන් බව වාර්තා විය.

මෙම පිරිස වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ව කඩිනමින් ඉන්දියාවට පිටුවහල් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...