චෝදනා සියල්ලටම වරදකරු වෙයි – නිලන්ත ජයවර්ධන සේවයෙන් නෙරපයි!

Date:

කොළඹ LNW: අනිවාර්ය නිවාඩු ගන්වන ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සහ විනය පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කර තිබුණි.

ඒ අනුව පැවති විනය පරීක්ෂණයේදී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබුණු චෝදනාවලට වරදකරු වීම නිසා ඔහුව සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.

ඊයේ (17) දින රැස්ව ඇති ජාතික පොලිස් කොමිසමේ සැසි වාරයේදී උක්ත තීන්දුව ප්‍රකාශ කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...