*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ඉන්දියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 98.90%

ඉන්දියාවේ මීළඟ ජනාධිපති තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට අවසන්ව අති අතර ඡන්දය ප්‍රකාශ කළ සමස්ත පිරිස 98.90% ලෙස ඉන්දීය මාධ්‍ය නිවේදනය කර තිබේ. ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ජූනි මස 21 වන දින සිදුවනු ඇති අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීම ජූනි මස 25වන දින සිදුකරනු ඇති බව වාර්තා වේ.

ජනාධිපති ධුරය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ යෂ්වන්ත් සිංහට එරෙහිව දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය විසින් නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්‍ෂක ද්‍රෞපදි මුර්මු මෙහිදී ඉදිරිපත්ව ඇත.

ඊයේ (18) දිනයේ ඡන්ද විමසීම පෙරවරු 10 ට ආරම්භ වී පස්වරු 5 දක්වා පැවති අතර අගමැති නරේන්ද්‍ර මෝදි සිය ඡන්දය ප්‍රකාශ කළ පළමු අය අතර විය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පාර්ලිමේන්තු මන්දිරයේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල මුළු ඡන්දදායකයින් 4,796 යටතේ සිදු වූ අතර මැතිවරණය සමස්තයක් වශයෙන් සාමකාමීව පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

පවතින ජනප්‍රියතාවය අනුව ද්‍රෞපදි මුර්මු ඉදිරියෙන් සිටින අතර ඇයට පක්ෂව සියයට 60කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයන් විසින් අපේක්ෂා කෙරේ. ඇයට BJD, YSRCP, BSP, AIADMK, TDP, JD(S), Shiromani Akali Dal, Shiv Sena සහ JMMයන පක්ෂවල සහාය ලැබී ඇත.

ද්‍රෞපදි මුර්මු ජනාධිපතිධූරයට පත් වුවහොත්, ඇය ගෝත්‍රික ප්‍රජාවෙන් රටේ ප්‍රමුඛතම ව්‍යවස්ථාපිත තනතුර හොබවන පළමු කාන්තාව බවට පත්වනු ඇත.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan