ශ්‍රීලනිපය අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා – දයාසිරි

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එසේවෙතත් මෙම ප්‍රශ්නය ඡන්දයකට නොයා සියලු පාර්ශ්ව අතර සාකච්ඡා කර විසඳා ගැනීමට තවදුරටත් තම පක්ෂය උත්සාහ කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනා සාකච්ඡා කර එක් අයෙකු ජනාධිපති අපේක්ෂකයා බවටත් දෙවැන්නා අගමැති බවටත් පත්ව අනෙක් අයත් ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියහොත් මෙම ප්‍රශ්නය ඡන්දයකට නොයා බේරාගැනීමට හැකි බව පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ද යම් එකඟතාවකට පැමිණිය යුතු බවත් ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව ඡන්දය වර්ජනය කිරීමක් ගැන තම පක්ෂය නොකියූ බව පැවසූ ඒ මහතා අද (19) පස්වරුවේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තමන් සහාය දෙන පාර්ශ්වය පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බවත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...