*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශ්‍රීලනිපය අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා – දයාසිරි

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එසේවෙතත් මෙම ප්‍රශ්නය ඡන්දයකට නොයා සියලු පාර්ශ්ව අතර සාකච්ඡා කර විසඳා ගැනීමට තවදුරටත් තම පක්ෂය උත්සාහ කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනා සාකච්ඡා කර එක් අයෙකු ජනාධිපති අපේක්ෂකයා බවටත් දෙවැන්නා අගමැති බවටත් පත්ව අනෙක් අයත් ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියහොත් මෙම ප්‍රශ්නය ඡන්දයකට නොයා බේරාගැනීමට හැකි බව පැවසූ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ද යම් එකඟතාවකට පැමිණිය යුතු බවත් ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව ඡන්දය වර්ජනය කිරීමක් ගැන තම පක්ෂය නොකියූ බව පැවසූ ඒ මහතා අද (19) පස්වරුවේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තමන් සහාය දෙන පාර්ශ්වය පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බවත් සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan