බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය 38.1C (100.6F) ඉක්මවයි. උෂ්ණත්වය තව දුරටත් ඉහළයන ලකුණු

Date:

බ්‍රිතාන්‍යයේ උෂ්ණාධිකම දිනය ඊයේ දිනයේදී වාර්තා විය. ඒ 38.1C (100.6F) වාර්තා කරමිනි. අද (19) වන විට මෙම තත්වය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ ජාතික කාලගුණ සේවාව විසින් රතු නිවේදන නිකුත් කරමින් මේ වනවිට සඳුදා සහ අඟහරුවාදා එංගලන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 දක්වා පුරෝකථනය කර ඇත. මීට පෙර ඉහළම උෂ්ණත්වය 38.7C වශයෙන් 2019 වසරේදී කේම්බ්‍රිජ් වලින් වාර්තා විය. ඉන් අනතුරුව උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය වේ.

වේල්සයේ වාර්තාගත උණුසුම්ම දිනය ඊයේ දිනයේදී හාවඩ්වලින් වාර්තා වූ අතර එහි සෙල්සියස් අංශක 37.1 ලෙස සඳහන් විය. අද දිනයේදී බටහිර බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය යම් මට්ටමකට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර මිඩ්ලන්ඩ්ස් සහ එංගලන්තයේ නැගෙනහිර කොටස් 40C අගයකට යනු ඇති බවද ලින්කන්ෂයර් හි 42C වාර්තා වනු ඇති බවද BBC කාලගුණ පුවත් සේවය වාර්තා කර තිබේ.


උෂ්ණත්වය හේතුවෙන් සිදුවූ පළමු මරණ ඊයේ දිනයේ දී බර්ක්ෂයර් හි මයිඩන්හෙඩ් හි වාර්තා විය. වයස අවුරුදු 16ක පිරිමි දරුවක් මෙලෙස මරණයට පත්ව ඇත. මීට අමතරව තේම්ස් නදියේ ගිලී 14 හැවිරිදි පිරිම් දරුවකුද මරණයට පත්ව ඇත.
මේ වන විට බ්‍රිතාන්‍යයේ පාසල් කිහිපයක් වසා දමා ඇති අතර කිහිපයක් විවෘතවද පවතියි. උෂ්ණාධික දිනයන්හි පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳව රජය විසින් පූර්ව දැනුම් දීමක්ද කර තිබේ.

එමෙන්ම අත්‍යාවශ්‍ය දෙයකට හැර සඳුදා හා අඟහරුවාදා දෙදින තුළ විවෘත අවකාශයට නොපැමිණෙන ලෙස මඟීන්ගෙන් හා පදිකයන්ගෙන් රජය විසින් ඉල්ලීමක්ද කර ඇත. අඟහරුවාදා දිනය තුළ දුම්රිය මාර්ග පොදුවේ වසා දමා ඇති අතර උණුසුම් කාලගුණය හේතුවෙන් ධාවන පථයන්හි තාර දියවීම හේතුවෙන් ලූටන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ගුවන් තොටුපළ පවසයි. EasyJet පැවසුවේ ගුවන් ගමන් කිහිපයක් අවට ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති අතර තවත් සමහරක් අවලංගු කර ඇති බවයි.

ඉදිරි දින කිහිපය තුළ ලැව්ගිනි ඇතිවීම වැළැක්විය නොහැකි බව ජාතික ගිනි නිවන ප්‍රධානීන්ගේ කවුන්සිලය අනතුරු අඟවා තිබේ. මේ වන විට බර්මින්හැම් මායිමේ ලිකී හිල්ස් කන්ට්‍රි උද්‍යානයේ වනාන්තරයේ විශාල ගින්නක් හටගෙන ඇති බව මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ.
තත්වය අතිශය භයානක බවත් කල්පනාකාරීව අනතුරු අවම කර ගන්නා ලෙසත් එක්සත් රාජධානියේ ජාතික කාලගුණ සේවාව හා සෞඛ්‍ය සේවාවන් අවධාරණය කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...