ඩලස් ඡන්ද 130 කට වඩා ගන්නවා – රාජිත

Date:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 130 කට වැඩි සංඛ්‍යාවක් ලබාගනිමින් ජයග්‍රහණය කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ලංකා නිව්ස් වෙබ් සමග අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද සවස 3.00න් පසු ඩලස් අලහප්පෙරුම මහතාගේ පාර්ශ්වය සහ සමගි ජන බලවේගය අතර වැඩිදුර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවයි.

එසේම දෙමළ ජාතික සන්ධානයේ තීරණය සම්බන්ධයෙන් යම් ව්‍යාකූල තත්වයක් පැවතියත් තමන් මැදිහත්ව අද දිනයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එය විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...