*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගෝඨාභය කොහෙ ඉන්නවද කියලා මම දන්නෙ නෑ ! මාලදිවයිනෙන් ගියාට පස්සෙ කතා කළේ නෑ !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වරට තමා සමග කතාබහ කළේ මාලදිවයිනේ සිටියදී බවත් ඉන් අනතුරුව කිසිදු සබඳතාවයක් නොපැවති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. CNN පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් සිටින්නේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවම වශයෙන් වසර 05 ක් වත් ගතවනු ඇති බවයි. කෙසේ නමුත් ලබන වසර වනවිට ආර්ථිකය ස්ථාවර මට්ටමට පත් කිරීමට හැකිවනු ඇති බවත් 2024 වනවිට වර්ධනය වන ආර්ථිකයක් දක්වා එය ඔසවා තැබිය හැකි බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්වන බව පැවති ආණ්ඩුව අවබෝධ කරගෙන තිබූ නමුත් එය රටේ ජනතාවගෙන් වසන් කිරීමට ආණ්ඩුවේ නායකයන් කටයුතු කළ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගෙඩගත නොහැකි මට්ටමකට රට පිරිහීමට පත් වූ බවද ඔහු පවසනවා.

ආර්ථිකය අවදානම් තත්වයට පත්වන බව අවබෝධ කරගත් පළමු අවස්ථාවේදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කළේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගත නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා CNN පුවත් සේවය සමග පවසා තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan