2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
The Economist සඟරාවේ අනුබද්ධ ආයතනයක් වන Economist Intelligence Unit (EIU) විසින් 2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ශ්‍රේණිගත කිරීම ඊයේ (18) ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ඇගයීම සඳහා ලොව පුරා නගර 173ක් අධ්‍යයනය කර ඇති අතර, එහිදී ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, යටිතල පහසුකම්, සංස්කෘතික පරිසරය, අපරාධ අවදානම, ආරක්ෂාව සහ ජීවන තත්ත්වය වැනි ප්‍රධාන කරුණු සැලකිල්ලට ගෙන ඇත.

EIU ශ්‍රේණිගත කිරීම අනුව, ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් (Copenhagen) 2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස අඛණ්ඩව දෙවන වරටත් පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.

කෝපන්හේගන් නගරය ස්ථාවරත්වය, යටිතල පහසුකම් සහ අධ්‍යාපනය යන අංශ තුනේම ඉහළම ලකුණු ලබාගෙන ඇති අතර, ආරක්ෂිත සහ පහසු ජීවන පරිසරයක් හේතුවෙන් මෙම ස්ථානය හිමි කරගෙන ඇත.

2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10

  1. 🇩🇰 කෝපන්හේගන් – ඩෙන්මාර්කය
  2. 🇦🇹 වියානා – ඔස්ට්‍රියාව
  3. 🇦🇺 මෙල්බර්න් – ඔස්ට්‍රේලියාව
  4. 🇦🇺 සිඩ්නි – ඔස්ට්‍රේලියාව
  5. 🇨🇭 සූරිච් – ස්විට්සර්ලන්තය
  6. 🇨🇭 ජිනීවා – ස්විට්සර්ලන්තය
  7. 🇯🇵 ඔසාකා – ජපානය
  8. 🇦🇺 ඇඩිලේඩ් – ඔස්ට්‍රේලියාව
  9. 🇨🇦 වැන්කුවර් – කැනඩාව
  10. 🇯🇵 ටෝකියෝ – ජපානය

මෙම ශ්‍රේණිගත කිරීම අනුව යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ ආසියාවේ සංවර්ධිත නගර රැසක් ඉහළ ස්ථාන හිමිකරගෙන ඇති අතර, ආරක්ෂාව, සෞඛ්‍ය සේවා සහ ජනතාවගේ ජීවන පහසුව ලොව ප්‍රමුඛ නගර තෝරා ගැනීමේ ප්‍රධාන සාධක බවට පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...