ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙරට දේශීය ව්යාපාරිකයින් වැට්ටීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“දේශීය ව්යාපාරිකයාගෙ කොඳු නාරටියට ආණ්ඩුව ගහන්න පටන් අරන් තියෙන්නෙ. ආණ්ඩුව කොළේ වහලා ගහන්නෙ. දේශීය ව්යාපාරිකයෙක් හිටියොත් ගහනවා. අද වෙනකොට මේ රටේ දේශීය ව්යාපාරිකයො කීදෙනෙක් ආණ්ඩුව අත් අඩංගුවට අරන් තියෙනවද ? මොකක් හෝ චෝදනාවක් දාලා දේශීය ව්යාපාරිකයො කීදෙනෙක්ගේ ගෙවල්වලට කඩවලට කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද ? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි. අසීමිත බද්දක් ගහලා, ව්යාපාර වට්ටලා, ව්යාපාරිකයාගෙ ආදායම නැතිකරලා අවසානයේ නඩුත් දාලා හිරේත් දාලා ව්යාපාර වස්සවන තැනට මේ ආණ්ඩුව පත්කරලා තියෙන්නෙ. මර්දනයෙන් බයකරලා තමන්ගෙ රාජ්ය පාලනය ගෙනියන්න ආණ්ඩුව උත්සාහ කරන්නෙ. ආණ්ඩුව මතක තියාගන්න ඕනෙ ඒවාත් වැඩිදුර ගෙනියන්න හම්බවෙන්නෙ නෑ”
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (18) දැදිගම ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


