ඉස්පිරිතාලෙට යන හැමෝම යහතින් එන්නෙ නෑ. ඒක තමයි එතනම මල් ශාලාවක් දාලා තියෙන්නෙ – සෞඛ්‍ය ඇමති

Date:

රෝහල්වලට ඇතුළත් කරන රෝගීන් විවිධ හේතූන් මත මියයාම අරුම පුදුම දෙයක් නොවන බවත් එවන් සමහර සිදුවීම් වලදී රෝගියාගේ පවුලේ අය විවිධ චෝදනා එල්ල කිරීම ද සාමාන්‍ය තත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“මේක මේ අද ඊයෙ දෙයක් නෙවෙයිනෙ. මම ජනමාධ්‍ය ඇමති ඉන්න කාලෙත් හත් අට සැරයක් මිනිස්සු ඉස්පිරිතාලවලට ගිහිල්ලා දොස්තරලාට ගැහුවා. ඇයි, දොස්තර හරියට වැඩේ කළේ නෑ කියලා. නර්ස්ලාට ගැහුවා, ඒ කරලා ඒ අය ස්ට්‍රයික් කරපු අවස්ථාවල් මේ රටේ තිබිලා නැද්ද ? ලබන සැරේ මම සංඛ්‍යා දත්ත දෙන්නම් විපක්ෂ නායකතුමනි, පහුගිය කාල පරිච්ඡේදයේ මැරිච්ච ප්‍රමාණයන් මේ ඉස්පිරිතාලවල. ඒ නිසා මේ ඉස්පිරිතාලෙකට ගියාම එවැනි සිදුවීමක් සිදුවීම, එවැනි තත්වයකට පත්වීම අරුමයක් පුදුමයක් නෙවෙයි. ඒක තමයි ඉස්පිරිතාල තියෙනෙන්නෙ. ඉස්පිරිතාලෙකට යනවා නම් ලක්ෂයක්, ඒ ලක්ෂයම ආපහු යහතින් එන්නෙ නෑ. ඒ නිසාම තමයි මල් ශාලාවක් දාලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ ඉස්සරහා ( සිනාසෙයි ). මේක තමයි යතාර්ථය. මේ යතාර්ථයට බැහැරව ගිහිල්ලායි මේ කතා කරන්නෙ”

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...