නව කැළණි පාළමට මොකද වුණේ ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (18) දිනයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ නව කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නොමැති බවයි.

නමුත් පාලමට සිදුවී ඇති වෙනත්  හානියන් පිළිබඳ අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය

”යකඩ පාලමේ නිරීක්ෂණ හා නඩත්තු කටයුතු සඳහා පාලමේ යටි පැත්තේ ඉදිකර ඇති පදික පාලමේ ආරක්ෂක ඇඳිවලට යොදා ඇති ජී.අයි බට හොරකම් කරලා තියනවා. පාලමේ එකතු වෙන වැසි ජලය ප්‍රවාහනය සඳහා යොදා ඇති අපවාහන නළ පද්ධතියේ ඇති අධික ඝනකමකින් යුත් පී.වී.සී බට හොරකම් කරලා තියනවා. නව කැලණි පාලමේ සන්නිවේදන ගොඩනැඟිල්ලේ තොරතුරු පරිගණක පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිරින් සවිකරන කොටස් හොරකම් කරලා තියනවා. නව කැලණි පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික හොරකම් කරලා තියනවා. එතකොට කැලණි පාලමට වෙලා තියන අලාභය මෙහෙමයි. ජී.අයි බට හොරකම් කිරීමෙන් මිලියන 4.4යි. වායු සමීකරන කොටස් හොරකම් කිරීමෙන් මිලියන 0.5යි. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් හොරකම් කිරීමෙන් මිලියන 1යි. මුළු අලාභය මිලියන 5.9යි. නව කැලණි පාලමේ කෝටි ගාණක අලාභයක් වෙලා නෑ. ඇණ ගලවලා නෑ. ඒ ඇණ ගලවන්ඩ බෑ. ඒ ඇණ ගලවන්න විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගමෙන් ගේන්න ඕනේ. එහෙම නැත්තං පාලං අනතුරට ලක් වෙනවා. ඒ නිසා ඇණ ගැලවීමක් නෑ”

ලෙස පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...