පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි රහීම්ව අද (20) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී ය. අද දිනයේදීම ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

අලි සබ්‍රි රහීම් අත් අඩංගුවට ගැනීම සඳහා කල්පිටිය සංචාරක උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබුණේ ජුලි 08 වනදා ය. ඒ, රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුවකදී තුන්වැනි වරටත් අධිකරණය මඟහැර සිටීම හේතුවෙනි.

කෙසේවෙතත් වරෙන්තුව තිබියදීත් ඔහු පොලිස් ආචාර ද මැද ජුලි 16 වනදා කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක ප්‍රධාන අමුත්තකු වශයෙන් ද සහභාගී වී තිබිණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පසුගිය දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබුණේ සිය රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය අවභාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් ගෙන ඒමේදී හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...