කොළඹ LNW: ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද ජයගැනීමට නම් පක්ෂ දේශපාලනයෙන් තොර සියලුම ජනතාවට විශ්වාස කළ හැකි ශක්තිමත්,අවංක,සෘජු තීරණ ගත හැකි නායකයෙකු බිහිවිය යුතුවන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරති.
එසේ නොවුණහොත් රට තව දුරටත් අගාධයට යාම වැළැක්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වන විට රට මුහුණ දී සිටින අර්බුද ජයගෙන ලෝකය හමුවේ අභිමානවත් ලෙස නැගී සිටිය හැකි නායකයෙකු පත්කර ගැනීම සඳහා වූ අදිටනින් හා වගකීමෙන් ක්‍රියාකළ යුතු වන බව ද උන්වහන්සේ තවදුරටත් සඳහන් කරති.
ආශිකා බ්‍රාහ්මණ