අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශරීර ඇපයක් මත නිදහස් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (20) පෙරවරුවේ අත් අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ඇප මත නිදහස් කර තිබේ.

ඒ, අද දහවල් ඔහුව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

එමෙන්ම ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි නඩුවකදී තුන්වරක්ම අධිකරණයට ඉදිරිපත් නොවී මඟහැරීම නිසා ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජුලි 08 වනදා වරෙන්තු නිකුත් කර තිබුණු අතර ඔහු අද පෙරවරුවේ කල්පිටිය පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...