22 ගැසට් කළාට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයට බාධාවක් නැහැ – ඇමති විජයදාසත් සහතික වෙයි

Date:

කොළඹ LNW:කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු ගැසට් නිවේදනය පලකළ හැකි නමුත් මේ අවස්ථාවේ ගැසට් නිවේදනයක් පළකිරීම තුළ ජනතාව තුළ යම් සැකයක් ඇති වීම මත ව්‍යකූලත්වයක් ඇති විය හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම සම්බන්ධයෙන් අද (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම ගැසට් නිවේදනය පළකිරීමට පෙර තමන්ව දැනුවත් කළ බවත් ඊට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

කෙසේවෙතත් මෙයින් ජනාධිපතිවරණ ජන්ද විමසීමට බාධාවක් ඇති නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

”කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපති..මේක ඒකාබද්ධ කෙටුම්පතක්. ඒ නිසා ජනාධිපතිතුමාට හෝ මට පුලුවන් ඒක ගැසට් කරන්න. ජනාධිපතිතුමාගේ මතය වුනේ අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු නිසා ගැසට් කරමු කියලයි. නමුත් මම හිතුවේ මේ වෙලාවේ සුදුසු නෑ කියලයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පෙත්සම් ගණනාවක් අධිකරණයට ඉදිරිපත් වුණා. නමුත් සුදුසු නැති වගන්ති ආවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හදුනාගත්ත වගන්ති ඉවත් කරලා 2/3 කින් සම්මත කළ හැකි ආකාරයටයි අපි 19 හැදුවේ. ජනාධිපතිතුමාට මට වඩා බලතල තිබෙනවා. මෙය ගැසට් කළාට ජනාධිපතිවරණයට බාධාවක් වෙන්නේ නෑ.ව්‍යාකූලත්වයක් ඇති කරගත යුතු නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩලය අනුමත කළ විවිධ අණ පනත් තවම තිබෙනවා මුද්‍රණයට යවලා නැති ඒවා. මැතිවරණයට ගැටලුවක් වෙන්නේ නෑ. ජනාධිපති කාර්යාලය මාව දැනුවත් කලා මේ ගැසට් එක ගහන්න කලින් මගේ විරෝධයක් නැති බව මම කිව්වා. ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැහැ. ජන්දය ගැන සැකයක් තියාගන්න එපා. නියමිත දිනට තියෙනවා.”යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...