සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා)

🎀රට පාළනය කරන්නේ ආණ්ඩුවද පොලීසිය හා හමුදාවට රටේ ආරක්ෂාව ගැන නිසි පාළනයක් තියෙනවද. නැතිනම් සියලු තීන්දු දැන් ගන්නේ පාතාලයො කුඩු ජාවාරම්කාරයොද – සක්වල සුහුරා, වි : නායක සජිත්.

🎀යුද්ධය ඉවර වෙලා වසර 15ක් ගියත් උ / නැ ට නිසි සංවර්දනයලැබිලා නෑ. සජබ රජයෙන් එය නිවැරදි කරනවා – සජිත්.

🎀සක්වල 223 වන ස්මාට් පංතිය මන්නාරමේ රෝමානු කතෝලික විදුහලට. සජිත් ගේ එම උත්සවයට රිෂාඩ් හා අඩෛක්කලනාදනුත් එයි.

🎀සජිත්ගේ සක්වල ස්මාට් පංති සංඛ්‍යාව 325 පනී. 326 වැනි ස්මාට් පංතිය පොලොන්නරුව විලයාය විදුහලට.

🎀මාළිමා නායකයන් සමග සාකච්ඡා කලත් රට ගොඩ නැගිය හැකි ආර්ථික වැඩ පිළිවෙලක් ඔවුන්ට නැති බව තේරුම් ගිය බව ඩලස් ප්‍රකාශ කිරීම රටම තේරුම් ගතයුතු දෙයක් – මහ ලේකම් රංජිත්.

🎀කොමිසම ජනපතිවරණය ප්‍රකාශ කරන්න දින 12 ක් ගත්තේ ආණ්ඩුවට ගේමක් ගහන්න ඉඩ දෙන්නද – කිරිඇල්ල.

🎀සජිත් බයේ පැනල ගියේ නෑ. රහසේ ඩීල් දාල අගමැතිකම ගත්තෙ කවුද කියල අපි අහනවා – හර්ෂ හා ඉරාන් අසයි.

🎀ජවිපෙ නායකයට සල්ලි ලැබෙන විදියටම අපේ නායකය සජිත්ටත් පාක්ෂිකයො සල්ලි දෙන්නෙ. අනුරට ලැබෙන සල්ලි පොදි ගහගෙන එයා තනියම සැප විදිද්දි සජිත් ට ලැබෙන මුදල් පාසල් රෝහල් වලට බෙදලා එයා දුක් විදිනවා. දෙන්නගෙ වෙනස ඒකයි – අජිත් මාන්නප්පෙරුම.

🎀මේ ආර්ථිකය තාම තියෙන්නෙ දැලි පිහිය උඩ.  ණය ප්‍රතිව්‍යුහගතකරණය පවා නිම නෑ. ද්විපාර්ශවික ණය ගැන එකගතා ආවා කිව්වාට තාම අත්සන් කරල නෑ – ආචාර්ය හර්ෂ.

🎀වෛද්‍ය රාජිත ජනපතිගේ ආර්ථික උපාය නිවැරදි බව කියල තිබුණත් ආර්ථික විශේෂඥයන් වෛද්‍යවරයෙකුට උත්තර දීම හරි නැති නිසා නිහඬ වෙනවා – ඉරාන්.

🎀හොරුන්ගේ වංචනිකයන්ගේ කාලය ඉවරයි. සජබ හැමදාම සමහරුන්ට වගේ එයාල එක්ක ඩීල් නැති නිසා ඔවුන්ටසජබ රජයකින් සොරි තමයි –  නිරෝෂන් පෙරේරා.

🎀පොfන්සේකා සජබ සභාපතිකමෙන් හා කැළණිය සංවිධායකධුරයෙන් දොට්ට. නව සජබ සභාපති කබීර්. කැළණිය ගොඩහේවාට.

🎀වි: නායක සජිත්ගෙ ආරක්ෂාව අනතුරේ නිසා වහාම ආරක්ෂාව තර කරන්න. ට්‍රම්ප් ට වෙච්ච දේ බලන්න – කිරිඇල්ල හා ඉරාන් කියයි.

🎀සිලෙක්ටඩ් ජනපති ඉලෙක්ටඩ් ජනපති කෙනෙකුට පවා කල නොහැකි කාලය දිගු කර ගැනීමේ වැඩ කරන්න හදනවා – මරික්කාර්.

🎀22 වන සංශෝධනය බැරියර් එකක් ලෙස හරහට දාලා ඡන්න කල්දාන්න රට අස්ථාවර කර කලකෝලාහල පවා ඇතිවෙන පසුබිමක් නිර්මාණය කරන්න ඉඩ දියයුතු නෑ. – අජිත් පී.

🎀මේ බංකොළොත් රටේ ජනතා මුදල් තීරණාත්මක ජනපතිවරණයකට විනා කිසිදු තේරුමක් හා රටට ප්‍රයෝජනයක් නැති ජනමත විචාරයකට වැය කිරීම ජාතික අපරාදයක් – අර්ල් ගුණසේකර.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...