රෝහිතගේ දියණිය අත්අඩංගුවට ගැනීමට යයි. ඇයත් හැංගිලා ?

Date:

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත් අඩංගුවට ගැනීම සඳහා පානදුර, වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කළුතර පිහිටි ඇයගේ නිවසට ගිය ද සැකකාරිය හා ඇගේ සැමියා එම නිවසේ නොසිටි බව වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඊයේ (19) පස්වරුවේ ඇයව මෙසේ අත් අඩංගුවට ගැනීමට ගොස් තිබේ.

මෙම සැකකටයුතු ජීප් රථය සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන ඊයේ පස්වරුවේ පානදුර, වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් මතුගම නගරයේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම ජීප් රථය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බව අනාවරණය වී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...