වැසි තත්වයේ වර්ධනයක් – අද (20) කාලගුණ නිවේදනය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජූලි 20) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...