නිදි කුමාරයා සදාකාලික නින්දට යයි…

Date:

රෂිකා හෙන්නායක ජූලි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2005 වර්ෂයේදී ලන්ඩනයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පසු දශක දෙකකට අසන්න කාලයක් කෝමා තත්ත්වයේ සිටි සෞදියේ ‘නිදි කුමාරයා’ හෙවත් සෞදි කුමාරයා වන අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් මියගොස් තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මිය යන විට ඔහුට වයස අවුරුදු 36 ක් වන බවයි

1990 අප්‍රේල් මාසයේදී උපත ලැබූ අල්වලීඩ් කුමරු, කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා සහ කෝටිපති ව්‍යාපාරික අල්වලීඩ් බින් තලාල් කුමරුගේ බෑණනුවන් වේ.

වසර ගණනාවක් පුරා කෝමා තත්ත්වයේ සිටීම නිසා අල්වලීඩ් කුමරු ‘නිදි කුමාරයා’ ලෙස ප්‍රසිද්ධියට පත් විය.

අභාවප්‍රාප්ත වූ අල්වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරුගේ අභාවය පිළිබඳව ගෝලීය ඉමාම් කවුන්සිලයද සිය ශෝකය පළකර තිබේ.

වෙඉදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී මෙම අනතුර සිදු වූ විට කුමරු අල්වලීඩ්ගේ වයස අවුරුදු 15 ක් බවයි.

මෙම අනතුරෙන් මොළයේ බරපතල තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වූ අතර එමඟින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වී තිබුණි.

පසුව ඔහුව රියාද් හි කිං අබ්දුලාසීස් වෛද්‍ය නගරයට ගෙන යන ලද අතර එහිදී ඔහු වසර 20 කට ආසන්න කාලයක් නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ ජීවිතාරක්ෂක ඒකකයේ රඳවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥයින් විසින් ප්‍රතිකාර කළද, ඔහුට කිසිදා සම්පූර්ණ සිහිය නොලැබුන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...