උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලට තව දුරටත් බාධා

0
371

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගුරුවරු නොපැමිණීම හේතුවෙන් 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව සඳහන් .

ඒ හේතුවෙන් විද්‍යා විෂයන්වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ කිරීමට සිදුව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ .

අමිත් ජයසුන්දර මහතා තවදුරටත්  පැවසූවේ, ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්, ඇගයීමේ රාජකාරී සඳහා ගුරුවරුන් නිදහස් නොකිරීම මෙයට හේතුවක් වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??