අපිටත් ගෙදරක් තිබුණා ….

Date:

තක්කඩි හිරු කැරැල්ලක්
ජනේලෙන් ගෙට ඇවිත්
ඇස් දෙක හංකිති කවනකොට
තේ ලෑස්තියි කියන
අම්මගේ මෘදු හඬ.

එක පිට එක වැටුණු
තේක්ක කොළ අතරින්
කටුස්සෙක් දනි පනි ගගා දුවනකොට
අක්කෙ මෙහෙ එන්නකෝ කියන
නංගිගේ බය හඬ.

කට්ට කළු අහසක
අම්මගේ සාරියේ ඇල්ලූ
බොරු මැණික් වගේ තරු පිපෙනකොට
හදිසි අවතාර සේ මතුවෙන
වවුලන්ගේ ක්‍රී…ස් හඬ.

පැට්‍රෝමැක්ස් එළියෙන්
පොත් බලා අහවරව
ස්වදේශීය සේවේ අහනකොට
ලොක්කියේ බත් බෙදුවාදැයි අහන
අප්පච්චිගේ බර හඬ.

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...