ශ්‍රී ලංකා ටෙලිකොම් විකිනීමට එරෙහිවූ සභාපති ඉවත්කරයි

Date:

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබේ.

අද පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මතකරගෙන තිබේ.

ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන ඇත.

KPMG  හි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට රොහාන් රොහාන් ප්‍රනාන්දු දිගින් දිගටම විරෝධය පලකර තිබිම ඔහුව මෙසේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇතැයි වාර්තාවේ.

( THE LEADER ඇසුරිනි )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...