*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

දරුවෝ බඩගින්නේ,බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා.මූල්‍ය අපරාධකරුවන් නිදැල්ලේ!

කොළඹ LNW:රට බංකොලොත්භාවයට ඇද දමා දරුවන් කුසගින්නට මෙන්ම රෝහල්වල මියයන තැනට පත් කළ මූල්‍ය අපරාධකරුවන් තවදුරටත් නිදැල්ලේ පසුවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ, මහ බැංකු පනත් කෙටුම්පතේ විවාදයට එක්වෙමිනි.

ඩොලරය රු 98 මට්ටමේ තබා ගැනීමට මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණය මත අද එහි ප්‍රතිඵල පෙනෙන්නට ඇති බවයි රණවක මහතා සඳහන් කළේ.

”බැංකු පනත පිළිබඳව අපි අපේ මුල්‍ය මණ්ඩලයේ විශාල සාකච්ඡාවක් කරලා අපි මෙතනට ඇවිල්ලා තියෙනවා. අද ලෝකෙ පුරාම විවාදයක් තියෙනවා. ඒක තමයි ජනතාව පත්කරපු නියෝජිතයන් ද මේ සියල්ලේ වගකිවයුත්තෝ වෙන්නේ එහෙමත් නැත්නම් වෘත්තීය මට්ටමේ නිලධාරීන්ටද ඒ බලය ලබාදිය යුත්තේ කියලා. ඒ එක මතවාදයක්. අනිත් පැත්තෙන් පසුගිය කාලයේ මතු වෙච්ච දේ තමයි දේශපාලකයින් තීන්දු ගැනීම ඉතාම වැරදි සහගත විදිහට කරන්නේ. ඒ නිසා දේශපාලකයින් වෙනුවට මේ වෘත්තීය මට්ටමේ නිලධාරීන් මේවට පත්කළ යුතුයි කියලා. ඒ අර්ථයෙන් තමයි මේ ස්වාධීන කොමිෂන් සභා මතුවුණෙත්. මේ මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබඳ අදහස මතු වුණේත්. ඒ අනුව මේ කවර ක්‍රමයට ගියත් වගකිවයුත්තන් කවුද? මේවා උසුලන පිරිස කවුද? කියන එක මත මේ ආයතනවල ප්‍රගතිය තීරණය වෙනවා. ඒ කියන්නේ මේ පැරණි පනතට අනුව මහ බැංකුව තිබුණත් මේ නව පනතට අනුව මහ බැංකුව තිබුනත් මෙහි ධූර උසුලන පිරිස කවුද ඒ අයගේ වගවීම මොකක්ද? ඒගොල්ලෝ කාටද වග වෙන්නේ කියන එක මත මේ සියල්ල තීරණය වෙනවා. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මේ රටේ ණය බරෙහි තිබිච්ච ඒ සුවිශේෂී තත්ත්වය කල්පනා කරලා බලලා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මගින් අපි පෙන්නුවේ මේ වාණිජ ණය ප්‍රතිශතය අසාමාන්‍ය විදිහට 14% ඉඳන් 45% වැඩි වෙලා තියෙන තත්ත්වය තුළ රට බංකොලොත් වීමේ අනතුරක් තිබෙන බවයි. යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ 3% වර්ධන වේගය. මොකද ඒ 3% වර්ධනය ආවේම ඒ දැවැන්ත ණය බරත් එක්ක යන්න තිබිච්ච උපරිම වේගය ඒක නිසා. ඒකේ කාලේ තමයි අයි. එස්. බී. 12.5 ගත්තේ. ඒ නිසා තමයි රට බංකොලොත් වුණේ වගේ අදහස් තවදුරටත් වලංගු නෑ.

අද මම පෙන්නලා දුන්නා මේ පාර්ලිමේන්තුවට බිලියන 250 ක් අපේ ජාතික ආර්ථිකයට 2020 -2030 අහිමි වෙනවා. මේ රට බංකොලොත් වීම සඳහා සිදුකරන ලද ආර්ථික අපරාධයේ බලය ඒකයි. දැන් මොකද උනේ? අපි කවුරුත් දන්නවා අර ගත්තයි කියන 12.5 න් ඩොලර් බිලියන 7.2 ක් ඉතුරු කරලා ගියා.ඒකෙන් 5.5 ක් වැය කළා. ඩොලරය රුපියල් 198 තියාගන්න. කවුද? මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය.දැන් ඒකේ ප්‍රතිඵල අපි කාටත් පේනවා. දරුවෝ මැරෙනවා ඉස්පිරිතාලවල. කන්න නැතුව දරුවෝ ජීවිත කාලකන්නිභාවයේ ප්‍රතිඵල ලැබෙයි අනාගතේ මන්දපෝෂිත පරපුරක් බිහිවෙලා සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වල, උසස් පෙළ විභාග ප්‍රතිඵලවල අනාගතය ලැබෙයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan