රටවිරුවන්ගේ ප්‍රේෂණ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – යදාමිණි ගුණවර්ධන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (20) පාර්ලිමේන්තුවේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ,  විදේශගත රැකියාවල නියුක්තව සිටින ශ්‍රී ලාංකිකයන් උපයන මුදල්වලින් රටට ලැබෙන්නේ භාගයක් පමණක් බවයි.

එහිදී , මන්ත්‍රීවරයා පැවසුවේ ඉතිරි මුදල් ප්‍රමාණයත් රටට ගෙන්වාගැනීමට වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවත් මෙරටට විදේශ සංචිත අත්‍යවශ්‍ය මොහොතක විදේශගත ශ්‍රී ලාංකිකයින් රටට එවන මුදල් ප්‍රමාණය දෙගුණයක් කළ හැකි බවයි.

මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ , මහ බැංකුව ඇතුළු මෙරට බැංකු හා මූල්‍ය පද්ධතිය ඒ පිළිබඳ  කිසිඳු ඉදිරි පියවරක් තබා නොමැති බවත්ය.

තවදුරටත් ඔහු පැවසූවේ , රටවිරුවන් දාහතර ලක්ෂයක් ( 1400,000 ) සිටියද , ඔවුන් නිසි තොරතුරු පද්ධතියක් තුළ නොමැති වීම බරපතල පාඩුවක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...