කුමන්ත්‍රණ කළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට ඉඩදෙන්නේ නෑ- ලංකා විදුලි සන්දේශ සේවක සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ටෙලිකොම් වෘත්තිය සමිති අද (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අතර , එහිදී  ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමය පැවසූවේ , ටෙලිකොම් සම්බන්ධයෙන් කුමන ආකාරයෙන්  කුමන්ත්‍රණයන් සිදුකළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බවයි.

ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා,

“ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා තිබෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය තුළ. එහි සභාපති ධුරය දැනුවේ මෙම අලුතෙන් පත්වූ රියාස් කියන සභාපතිවරයා. මොන කුමන්ත්‍රණය කළත් ටෙලිකොම් ඉතිරි කොටස් විකිණීමට සේවකයින් අවස්ථාව ලබාදෙන්නේ නැහැ.”

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමයේ සභාපති අතුල බොතේජු,

“අපේ සේවකයින්ට සහ අපේ ආයතනයට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ. සෑහෙන්න පිරිසක් ගෙදර යවන්න බලාගෙන ඉන්නවා. කළමනාකාරීත්වය ටෙලිෂොප් ටික විකුණන්න කටයුතු කරගෙන යනවා.”

මේ අතරකොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි සභාපති ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු මහතා අද (20) අනාවරණ කළේ, අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් තමාව ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත් කළ බවත්,  ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට තමා බාධාවක් වූ බැවින් මෙලෙස ධුරයෙන් ඉවත් කරන්නට ඇති බවයි .

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද පෞද්ගලීකරණය කිරීමට යෝජිතව ඇතැයි පසුගියදා රජය අනාවරණ කළ අතර ඊට ටෙලිකොම් වෘත්තීය සමිති සහ තවත් පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...