*
Friday, November 29, 2024
spot_img

Latest Posts

නිදහස් අධ්‍යාපනය සුරකින ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කර අපේ රට අධ්‍යාපනයේ පාරාදීසයක් කරනවා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අධ්‍යාපනය තුළ විවිධ අය විවිධ ද්විත්ව රංගනවල නියැලෙන බවත් සමහර අය දරුවන්ගේ අධ්‍යාපනය අවස්ථා නිදහස් අධ්‍යාපනයට පමණක් සීමා කරන ලෙස පවසන නමුත් එසේ පැවැසීම වැරදි බවත් නිදහස් අධ්‍යාපනයට සීමා කරන්නැයි කියන අය ඔවුන්ගේ දරුවන්ට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දෙන බවත් පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට යවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේග රජයක් තුළ මෙරට සිසු පරපුරට ගුණාත්මක භාවයෙන් යුත් ඉහළ අධ්‍යාපනයක් ලබා දෙනවා සේම දූදරුවන් සියලු දෙනාට තමන් කැමති අධ්‍යාපන අවස්ථා ලබාගත හැකි අධ්‍යාපන පරිසරයක් ඇති කරන බවත් එවිට විදේශ රටවලට ගොස් විදේශ උපාධි ලබා ගැනීමට අවශ්‍ය නොවන අතර විදේශීය අධ්‍යාපනය ද අප රට තුළින්ම ලබා ගත හැකි බවත් එය රටේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම අප රට අධ්‍යාපනය ක්ෂේත්‍රයේ පාරාදීසයක් කළ යුතු බවත් ඒ සදහා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර අනෙකුත් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කර මෙරට සිසු පරපුර විදේශ රටවල ඉගෙන ගන්නවා වෙනුවට විදේශීය රටවල සිසුන්ට මෙරට තුළ අධ්‍යාපනය ලබා දෙන සංස්කෘතියක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 339 වැනි අදියර යටතේ ගම්පහ, මීරිගම, වේයන්ගොඩ කුඹල්ඔලුව ශ්‍රී ලංකේශ්වර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය මූලික මානව අයිතියක් යැයි සමගි ජන බලවේගය විශවාස කරන බවත් එය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස සඳහන් නොවුවත් සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය, ඉඩමක හා නිවසක අයිතිය මෙන්ම සමාජීය ආර්ථික දේශපාලන අයිතියත් මූලික අයිතිවාසිකම් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ රටක් ලෙස නිවැරදි ගමනක් යාම බවත් ලෝකයේ දියුණු රටවල් ශීඝ්‍ර සංවර්ධන රටාවකට යොමුව ඇති බවත් ඩිජිටල් විප්ලවය ලෝකය ආක්‍රමණය කර සාම්ප්‍රදායික රැකියා සමාජයෙන් ඉවත් වන බවත් කෘතීම බුද්ධිය හරහා ලොව අපේක්ෂිත ශ්‍රම බලකායක් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 339ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3757ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan