හවුතිවරුන්ගේ ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රයලයෙන් ප්‍රති ප්‍රහාර

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : යේමනයේ හවුති සටන්කාමින් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර එක් යෙමු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබීමෙන් දිනකට අනතුරුව ඊට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය රතු මුහුදේ වරාය නගරයක් වන හොඩෙයිඩා වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් ගාසා තිරයට ප්‍රහාර ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝම්බරයේ සිට හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු යේමනයට එල්ල වූ පළමු සෘජු ප්‍රහාරය මෙයයි.

ඊශ්‍රායලය යේමනයේ තෙල් පිරිපහදුවක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර තිබු අතර ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව 87 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් ආරක්‍ෂක අමාත්‍ය Yoav Gallant සඳහන් කර තිබුණේ, දැනට හොඩෙයිඩා හි ඇවිලෙමින් පවතින ගින්න මැදපෙරදිග පුරා දක්නට ලැබෙන අතර ඔවුන් ඊශ්‍රායල පුරවැසියෙකුට හානියක් කළ පළමු වතාවේදී අපි ඔවුන්ට පහර දුන් බවත්, අවශ්‍ය විය හැකි ඕනෑම ස්ථානයක අපි මෙය සිදු කරන බවත්ය.

යේමනයේ හවුති සටන්කාමින් ඉරානයේ පිටුබලය ලබන මිලීෂියාව වන අතර, වෙරළ තීරය ඇතුළුව රටේ බටහිර බොහෝ ප්‍රදේශ පාලනය කරයි. ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඒඩන් බොක්කෙහි නැව් ඉලක්ක කර රතු මුහුදේ මුහුදු ක්‍රියාකාරකම් මාස ගණනාවක් කඩාකප්පල් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...