සේවයෙන් පහකරනවා නෙවෙයි තව ටිකෙන් රනිල් යටතේ පොලිස්පති!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය සම්බන්ධයන් අද (21) සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීම් කිහිපයක්ම සිදුකෙරුණි.

එහිදී කරුණු දක්වමින් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසුවේ නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට හෝ නොහැකි යුගයක් පැවති බවයි.

වත්මන් දේශපාලන වෙනස සිදු නොවුණේ නම් ඔහු, රනිල් වික්‍රමසිංහ යටතේ පොලිස්පති වන බවයි චමීර පෙරේරා මහතා සඳහන් කළේ.

” නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කරනවා නෙවෙයි ප්‍රශ්න කරන්නත් බැරි යුගයක් තිබුණේ. සේවයෙන් පහකරනවා නෙවෙයි නිලන්ත ජයවර්ධන තවටිකෙන් පොලිස්පති වෙනවා රනිල් වික්‍රමසිංහ යටතේ. ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයට භාජනය වෙලා ඉන්න කෙනෙක් දේශබන්දු. මිනිහවත් පොලිස්පති කළා. බුද්ධි අංශ,පොලිස් නිලධාරීන් හැම කෙනෙක්වම වික්‍රමසිංහ රාජපක්ෂ ජුන්ටාව පසුගිය කාලේ පුරාම ආරක්ෂා කළා. මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ චේතනාත්මකව මේ විමර්ශන අඩාල කළා. චෝදනාවට ලක්වෙලා ඉන්න මේ පොලිස් නිලධාරියාව සේවයෙන් ඉවත් කිරීමම එක්තරා විදිහට මේ රටේ ජනතාව ලබපු ජයග්‍රහණයක්.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...