එංගලන්තෙ යන ලංකාවෙ රගර් වෙනස් පාරක

Date:

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා රගර් කණ්ඩායම්,අභියෝගයන් ජයගැනීම,දරා ගැනීම,කණ්ඩායම් ක්‍රියාකාරීත්වය වැනි ගුණාංග රැසකට විවිධ රග්ර් නොවන ක්‍රියාකාරකම් භාවිතයට ගනිමින් සිටියි.ත්‍රාසජනක ක්‍රීඩා මෙන්ම වික්‍රමාන්විත ක්‍රියාකාරකම් ලෙස නම් කරන මෙම අභ්‍යාස හරහා කණ්ඩායමේ ජීව ගුණය වැඩි කිරීම මෙන්ම එකිනෙකා අතර සහසමබන්ධය දියුණු කිරීමටද ශ්‍රී ලංකා රගර් අවධානය යොමු කර ඇත.
විෂය සම්බන්ධ ප්‍රවිනයෙක් වන ෂෙහාන් පිලපිටයිගේ මාර්ගෝපදේශකත්වය යටතේ සක්ස් කළ සහ හිටපු ජාතික රගර් ක්‍රීඩක දුමින්ද සිල්වාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැඟුණු එවැනි ක්‍රීඩා සැසියක් පසුගිය දිනෙක ලෝකාන්තයේ පැවත්වුණා. එහිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය බරැති ගමන්මලු සමඟ කිලෝ මීටර් හයක දුරක් කන්ද තරණය කිරීමට මෙන්ම එකිනෙකා ඔසවාගෙන කඳු තරණය කිරිමේ අභියෝග මෙන්ම සාමූහිකිව යම් යම් අභියෝග ජය ගැනීමද අභ්‍යාස හැටියට සිඳු කිරීමට වුණා.
එසේම මෙවැනි විශේෂ පුහුණු සැසි මෙන්ම සාමාන්‍ය පරිදි ක්‍රිඩාවට අදාළ ක්‍රියාකාරකම් ද මුසුව ක්‍රියාවට නැංවෙන අතර මේ සමඟ ඒ ආකාරයට ක්‍රීඩිකාවන් ශක්තිවර්ධන ව්‍යායාමවල යෙදුණ අවස්ථාවන්ද දැක්වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...