*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් ගෙදර යවන්න නන්දලාල් බරටම වැඩ !

රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගිය 19 වනදා කොළඹ, කොටු දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගී වන ලෙස මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තමන්ට හිතවත් වෘත්තීය සමිතියකින් පුද්ගලිකවම ඉල්ලා ඇති බව ආරංචිමාර්ග පවසයි.

මහබැංකු විධායක නිලධාරීන්ගේ සංගමය නන්දලාල් වීරසිංහ මහතාට හිතවත් වෘත්තීය සමිතියක් වන අතර පසුගිය දිනවල වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ඒ මහතා වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි සංගමයකි.

නන්දලාල් වීරසිංහ මහතා සහ වත්මන් ජනපති, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර යම් විරසකයක් පවතින බව රහසක් නොවේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහබැංකු අධිපති ධුරය සඳහා කැඳවාගනු ලැබූ නන්දලාල් වීරසිංහ මහතා ඒ හේතුව මතම තමන් වගකියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක්ම බව කියමින් පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහතාව නොතකා කටයුතු කළ ආකාරයත් අපි මීට පෙර වාර්තා කළෙමු.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගිය පසුව ඒ වනවිට පැවති අරගල රැල්ල මතින්ම රනිල් වික්‍රමසිංහ මහතාව ද ඉවත් කෙරෙනු දකින්නට නන්දලාල් වීරසිංහ මහතාට දැඩි වුවමනාවක් පහළ වී ඇත. ඒ, තමන්ගේ පෙර හැසිරීම අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ විට තමන්ට ඒ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීම අපහසු වන බව දන්නා නිසාය.

ඒ අනුව නන්දලාල් මහතා පසුගිය 19 වනදා පැවති උද්ඝෝෂණයට හැකි තරම් සාමාජිකයින් සහභාගී කරවන ලෙස මහබැංකු විධායක නිලධාරීන්ගේ සංගමයෙන් පුද්ගලිකවම ඉල්ලා ඇති අතර ජයතු පෙරේරා සහ කෝසල හර්ෂදේව නම් තමන්ට හිතවත් නිලධාරීන් දෙදෙනෙකු ද රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ප්‍රචාරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යොදවා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් අතර සංසරණය කරවූ වට්ස් ඇප් පණිවිඩයක් පහතින් දැක්වේ.

මෙය ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයකු රාජ්‍ය නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කළ පළමු අවස්ථාව වශයෙන් ඉතිහාසගත වනු ඇත.

Kosala Harshadewa, 
Jayathu Perera, 

“දැන්වීමයි…

ජන බලයේ ජයග්‍රහණයන් ආපසු හැරවීමට වෙර දරණ, මහජන මතයට පිටින් ජනාධිපති වී, දූෂිතයින් රැකීමට කුමන්ත්‍රණය කරන රනිල් පන්නා දැමීමේ ජාතික විරෝධතා දිනයට සමගාමීව හෙට දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත මහා විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වීම සදහා හෙට දහවල් 12 ට මහ බැංකුව ඉදිරිපිටට එක්වන ලෙස අප වෘත්තීය සංගම්හි සියලුම සාමාජිකයින් වෙත සහෝදරත්වයෙන් දැනුම් දෙමු.

-ශ්‍රී ලංකා මහ බැංකු වෘත්තීය සමිති එකමුතුව-“

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan