රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :
NSBM හරිත සරසවියේ පරිගණක පීඨය මගින් සංවිධානය කරන ලද Capture the Throne 2026 නමැති අන්තර් විශ්වවිද්යාලයීය සයිබර් ආරක්ෂණ තරඟාවලිය සාර්ථකව නිම වූ බව සඳහන් වේ.
මෙහිදී ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්යාල රැසක් නියෝජනය කරමින් පැමිණි කණ්ඩායම් අතරින් මොරටුව විශ්වවිද්යාලය ප්රථම සහ දෙවන ස්ථාන දිනාගත් අතර, තෙවන ස්ථානය NSBM හරිත සරසවිය සතු විය.

මෙම වැඩසටහන සඳහා තාක්ෂණික දායකත්වය සපයන ලද්දේ එම සරසවියේම ආදි සිසුන් විසින් ආරම්භ කරන ලද Legion Offensive Security ආයතනය විසිනි.

සිසුන්ගේ ප්රායෝගික කුසලතා සහ ගැටළු විසඳීමේ හැකියාවන් මැන බැලීම මෙවැනි තරඟාවලි හරහා සිදු කෙරේ. අවසාන වශයෙන්, මෙමගින් වර්තමාන සිසුන් සහ ක්ෂේත්රයේ ප්රවීණයන් අතර පවතින ශක්තිමත් සබඳතාව මැනවින් නිරූපණය වේ.



