ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුරින් අවම වශයෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇෆ්ගනිස්ථානයේ අධික මෝසම් වැසි හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් 100ක් අතුරුදන්ව 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ නැගෙනහිර නුරිස්තාන් (Nuristan) පළාත වන අතර, ගංවතුරෙන් මාර්ග හා පාලම් රැසක් විනාශ වී ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් දැඩි අභියෝගයකට මුහුණ දී තිබේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් විපතට පත් ප්‍රදේශ කරා ළඟා වීමට උත්සාහ දරමින් සිටින අතර, නිවාස රැසක් ජලයට ගසාගෙන ගොස් හෝ දැඩි ලෙස හානි වී ඇති බව වාර්තා වේ. කෘෂිකාර්මික ඉඩම් සහ පශු සම්පත්ද විශාල වශයෙන් විනාශ වී ඇති අතර, දහස් ගණනක් ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සිදුව තිබේ.

කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළත් තවත් අධික වැසි ඇතිවිය හැකි බැවින් නායයෑම් සහ හදිසි ගංවතුර අවදානම තවදුරටත් පවතින බවයි.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගංගා සහ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙසත්, හදිසි ආපදා උපදෙස් පිළිපදින ලෙසත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...