හොර පාරෙන් යන්න හැදූ මූල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ!

කොළඹ LNW:2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවා තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් සහ මේ වසරේ මාර්තු යන කාල සීමාවන් අතර සිදුවූ නීතී උල්ලංඝනය කිරීම් සැලකිල්ලට ගනිමින් මෙම දඩ මුදල් පනවා ඇති අතර
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් එලෙස ආයතන 11කට රුපියල් මිලියන 14.6ක දඩ මුදලක් නියම කර ඇත.

පරිපාලනමය දණ්ඩනය ලෙස අය කරගෙන ඇති අදාළ සියලු මුදල් ඒකාබද්ධ අරමුදලට බැරකර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...