රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW:
හෝමාගම, කටුවාන කාර්මික කලාපයේ පිහිටි හිස්වැසුම් (helmet) නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (ජූලි 21) උදෑසන ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.
කටුවන කාර්මික කලාපය තුළ පිහිටි මෙම කර්මාන්තශාලාවේ ගින්න හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටී.
මියගිය අයගේ අනන්යතාව සහ ගින්නට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.

