රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :
ශ්රී ලංකාවේ ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසයට අදාළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ උද්ධමන වාර්තා ප්රකාශයට පත් කර ඇත. ‘
මෙම දත්තයන්ට අනුව, පෙර මාසයට සාපේක්ෂව මෙරට සමස්ත උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි.
විශේෂයෙන්ම ආහාර ද්රව්යවල මිල ගණන් ඉහළ යාම මෙම තත්වයට ප්රබල ලෙස බලපා ඇති අතර එහි වර්ධනයක් දක්නට ලැබේ.
මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයේ පවතින උද්ධමන වේගය ද පෙර පැවැති මට්ටමට වඩා වර්ධනය වී තිබේ.
මෙම වාර්තාව මඟින් රටේ පවතින ජීවන වියදම ඉහළ යාම පිළිබඳ පැහැදිලි චිත්රයක් ඉදිරිපත් කරයි.
ඒ අනුව, පසුගිය මැයි මාසයේ දී 5.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 ජූනි මාසය සඳහා 6.5% ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 මැයි මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ජූනි මාසයේ දී 3.3% ක් දක්වා වැඩි වී තිබේ.තවද, 2026 මැයි මාසයේ දී 8.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ජූනි මාසයේ දී 9.3% ක් දක්වා වැඩි වී ඇත.


