ආණ්ඩුවට 50% තියෙනවා නම් ලබන මාසේ පළාත් සභා ජන්දය ගෙන්න – SJB සුජීව

කොළඹ LNW:ආණ්ඩුවට තවදුරටත් ජන ප්‍රසාදය 50%ක්ව පවතින්නේ නම් ලබන මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුවේය.

”ආණ්ඩුවට සියයට 50 ක් කැමැත්තක් තිබෙන බව පුවත් පත්වල පළවෙලා තිබුණා. ආණ්ඩුවට එවැනි කැමැත්තක් තිබෙනවානම් ලබන මාසයේ පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. පළාත් සභා මැතිවරණය ලබන මාසයේ පැවැත්වුණහොත් මධ්‍ය පළාතේ මහ ඇමැතිධුරයට මම ඉදිරිපත් වෙනවා. ඒ වගේම විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම 2027 ජනවාරි මාසයේදී සිදුකළොත් මම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ජනාධිපතිවරයා 2027 දී ජනවාරි මාසයේදී විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සිදුකරන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි රාජ්‍ය බලය හසුරුවන්න ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (21) සමඟි ජන බලවේගයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...