Onmax DT ජාවාරම ඇතුළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්නවා – ඩයනාගෙන් චෝදනා

Date:

Onmax DT නම් පිරමීඩ ජාවාරම තුළ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“මේ ඔන්මැක්ස් ඩීටී ආයතනය මේ වනවිට තහනම් කරලා තියෙනවා. නමුත් මේ ආයතනය තහනම් කළාට පස්සෙත් දැනට කෝටි 292ක් මිනිස්සුන්ගෙන් එකතු කරගෙන තියෙනවා. එතකොට මොකක්ද මේ ගනුදෙනුව ? මේක ඇතුළේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ ගනුදෙනුවේ. එතකොට මේක දැනට සීඅයිඩී එකේත් නීතිපති දෙපාර්තමේන්තුවේත් බොහෝම මන්දගාමීව යන විමර්ශනයක් වෙලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා මේක ඉක්මනින් හොයන්න. මොකද ඒ අතරතුර – කෝටි 300ක ගිණුම් මේ වනවිටත් අත්හිටුවලා තියෙනවා, නමුත් මේ වනවිට කෝටි 3000ක් මේ රටින් පිටකරලා තියෙනවා. මේක පිරමීඩ් ජාවාරම. නමුත් මේක ගැන කිසිම හෙවිල්ලක් හරියට වෙන්නෙ නෑ, මේක හරිම මන්දගාමීව යන විමර්ශනයක්. ඒ විමර්ශනය එහෙම යන අතරතුර තවමත් මේ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරමින් ඉන්නවා ඔවුන්. දැනට පේන්න අධ්‍යක්ෂවරුන් පස් දෙනෙක් හිටියත් මේක පිටිපස්සේ ඉන්නවා මහමොළකරුවෙක්. අන්න ඒ කෙනා කවුද කියලා අපි හොයලා බලන්න වෙනවා. මොකද මේ රටේ සල්ලියි මේ රටින් පිටවෙන්නේ”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...