මහ බැංකුව ස්වාධීන වීම හොඳයි – තවදුරටත් අධිපති දේශපාලන පත්වීමක් වෙන එකක් නැහැ

Date:

කොළඹ LNW:මහ බැංකුව ස්වාධීන විය යුතුවන අතර මෙතෙක් එහි අධිපතිවරයා පත් වූයේ දේශපාලනිකව වන හෙයින් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වනු ඇතැයි විශ්වාස කරන බව වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.

මහ බැංකු පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම සම්බන්ධයෙන් අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේ.

මහ බංකු අධිපතිවරයා දේශපාලනික පත්වීමක් වීමෙන් සිදුවන්නේ අධිපතිවරයා ගන්නා තීරණ රට ගැන සිත නිවා දේශපාලනික තීන්දු ගැනීමට පෙළඹෙන බව හෙතෙම පෙන්වාදෙයි.

මේ අතර GSP+ සහනය අහිමි වීමේ අවධානමක් පැවතුණද රටේ පවතින ආර්ථික තත්ත්වය මත එම සහනය දීර්ඝ වී තිබෙන බවද මහාචාර්යවරයා කියාසිටියි.

එමෙන්ම ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක ඉන්දියානු රුපියල්වලින් ගණුදෙනු කිරීමේ හැකියාවක් පවතින්නේ නම් එය වැදගත් දෙයක් බවත් එය උපායමාර්ගිකව වුවද ගැළපෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...