ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සතිය මැද, පොහොට්ටු අපේක්ෂකයා ගැන තීන්දුව සති අන්තයේ ?

Date:

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න මැතිවරණ කොමිසමට බලය ලැබුණේ පසුගිය සතියේ. ඉතින් මේ වෙද්දී හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන්නේ මැතිවරණ කොමිසම දිහාවට.

ජනාධිපතිවරණ දිනය සහ නාමයෝජනා භාරගැනීමේ දිනය මේ සතිය තුළ නිවේදනය කරන්න බලාපොරොත්තු වෙනවාය කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් පසුගිය දිනයක කියලා තිබුණා.

ඒ අනුව ඒ නිවේදනය මේ සතිය මැද නිකුත් කෙරේවි කියලායි දේශපාලන ආරංචිමාර්ග කියන්නේ. ඇතැම් විට ඒ නිවේදනය ජුලි 24 වෙනිදා නිකුත් වෙන්න පුළුවන් කියලා කතාවකුත් පැතිර යමින් තියෙනවා.

කොහොමවුණත් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපු ගමන් දින දෙකක් හෝ තුනක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා ප්‍රකාශයට පත්කරන්න නියමිතයි ලු. ඒ අනුව, මැතිවරණ කොමිසමේ නිවේදනය සතිය මැද නිකුත් වුණොත් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුවේ තීරණය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිකුරාදා දිනයේදී හෝ සති අන්තයේදී ප්‍රකාශයට පත්කරාවි කියලායි ආරංචිමාර්ග දැනට කියන්නේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනතාව තුළ යම් ව්‍යාකූල තත්වයක් ඇතිවෙලා තියෙන මොහොතක් මේ. ඉතින් මේ දේවල් මෙහෙම වෙයිද නොවෙයිද කියන ප්‍රශ්නයකුත් නැතිවා නෙවෙයි. මේ සතිය ඇතුළේ බොහෝ තීන්දු තීරණ ගැනෙන්න නියමිත බව නම් පැහැදිලිවම පේන්න තියෙනවා. ඉතුරු ටික බලාගෙන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...