සිර දඬුවම් ලැබූ හිරුණිකාට ඇප !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වී බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කර තිබේ.

ඒ, එම දඬුවමට එරෙහිව ඇය අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇයව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතීඥවරුන් කළ ඉල්ලීමකට අනුව ය.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන වධ හිංසා කිරීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සිර දඬුවම් නියම කරන ලද්දේ පසුගිය ජුනි 28 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...