ශ්‍රී ලංකාවේ ළමා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජාතික සැලැස්මක් වහා අවශ්‍යයි: විපක්ෂ නායක සජිත්

Date:

ජූලි 22, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැණ නැඟී තිබෙන දැවෙන ගැටළුවක්වන ළමා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වූ පරිපූර්ණ ජාතික වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මකකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පවසා සිටියේ, අද (22) දින මහගම සේකර මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙරට දරුවන්ගෙන් සියයට 25 ක් තරම් වූ ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, සියයට 42 ක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බව ජාත්‍යන්තර සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බව ප්‍රේමදාස මහතා සැලකර සිටියේය.

ඒ අනුව, මෙම අර්බුදයේ බරපතලකම අවබෝධ කොට ගනිමින් ළමා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් නිර්මාණය කිරීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කළේය.

මෙම වැඩපිළිවෙල දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මකකළ යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ඒ අනුව බිම් මට්ටමින් ම මෙම ගැටළුව ආමන්ත්‍රණයකළ හැකි බව පෙන්වා දුන්නේය.

ළමා දරිද්‍රතාවය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවී තීබීම විවේචනයට ලක්කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ළමා දරිද්‍රතාවයේ අහිතකර ප්‍රතිවිපාකයන් පවතින බව, හා මෙය නොනවතින චක්‍රයක් ලෙස රටතුළ හටගනිමින් පවතින අර්බුදයක් බව පෙන්වා දුන්නේය.

එමෙන්ම, දරිද්‍රතාවය තුළින් දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිටින බවත්, ඉන් අධ්‍යාපන කාර්යසාධනය අතින් දරුවන් දුර්වලවන බවත්, එය රැකියා වියුක්තිය ඉහළ යාමට හේතුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...