පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතගේ දියණියට සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පැනවීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ය.

ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා පසුගිය 19 වනදා පෙරවරුවේ මතුගම නගරයේදී අත් අඩංගුවට ගැනුනු අතර අදාල ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවන වරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවත් ය.

අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමන් මෙම ජීප් රථය මිලදී ගත් බවය.

රොෂෙල් මෙලනි අබේගුණවර්ධන අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කළුතර පිහිටි ඇගේ නිවසට පසුගිය 19 වනදා පස්වරුවේ ගොස් තිබුණු නමුත් ඇය සහ සැමියා එම නිවසේ නොසිටි බව වාර්තා වී තිබිණි.

ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස පොලීසිය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඒ අනුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...