ජනාධිපති ට්‍රම්ප් පවුලේ විරෝධය නොතකා මාටින් ලූතර් කිං ජූනියර් ඝාතනයට අදාළ ලිපිගොනු නිකුත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නොයෝග අනුව යමින් 1968 දී මාටින් ලූතර් කිං ජූනියර් ඝාතනයට සම්බන්ධ FBI නිරීක්ෂණ ලිපිගොනු 230,000 කට වඩා නිකුත් කර ඇති කර ඇති බව වාර්තා වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, වර්ගීකරණය ඉවත් කිරීම, කම්කරු අයිතිවාසිකම් සහ අනෙකුත් සිවිල් අයිතිවාසිකම් සඳහා පෙළපාලිවලට සහභාගී වී නායකත්වය දුන් කිං1968 අප්‍රේල් මාසයේදී ටෙනසිහි මෙම්ෆිස්හිදී ඝාතනය කරන ලකවිය. ඒ සමබන්ධයෙන් වරදකරු ලෙස සිරගත කර සිටි ජේම්ස් අර්ල් රේ 1998 දී බන්ධනාගාරයේදී මිය ගිය නමුත් කිංගේ දරුවන් ඔහු ඝාතකයා බවට සැක පළ කර ඇත.

1977 සිට කිංගේ වාර්තා අධිකරණය විසින් මුද්‍රා තබා තිබුණු අතර මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් මෙම නිකුතුව සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම අවස්තාව පෙර නොවූ විරූ හා සම්පූර්ණ විනිවිදභාවය සහිත එකක් වශයෙනි.

කෙසේ නමුත් මේ සමබන්ධයෙන් මාටින් ලූතර් කිං ජූනියර්ගේ දරුවන් දෙදෙනා දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, මෙම ලිපිගොනු නිදහස් කිරීම හරහා  මාටින් ලූතර් කිං නාමය සහ පුළුල් ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය අපකීර්තියට පත් කිරීම, විසුරුවා හැරීම සහ විනාශ කිරීම සිදු වන බවයි.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු විධායක නියෝගයක් අත්සන් කරමින් හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩි යන අයගේ ඝාතනවලට අදාළ ලේඛණයන්ද නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...