Jagdeep Dhankhar සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි?

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට මාධ්‍ය පවසන්නේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මුට ලබාදී ඇති බවයි. මේ වන විට 74 වන හැවිරිදි වියේ පසු වන ජග්දීප් ධන්කාර් සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

2022 වසරේදී ඉන්දීය උප ජනාධිපති ධුරයට පත් වූ ජග්දීප් ධන්කාර්ගේ ධූර කාලය නිමාවීමට තිබුණේ 2027 වසරේදීයි. ඒ අනුව ඔහු ඉල්ලා අස්වී ඇත්තේ ධුර කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදීයි. කෙසේ වෙතත් ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබුවහොත් ඉන්දියාවේ දෙවන ඉහළම තනතුර සඳහා හදිසි මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි.

ඒ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහි මන්ත්‍රීවරුන් පමණක් බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීමා නීර්ණයට නැවත කොමිසමක් පත්කරනවා. පළාත් සභා ඡන්දය ලබන වසරේ තියන්න බලාපොරොත්තු වෙනවා – ටිල්වින්

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී...

විපක්ෂ නායක සජිත් ඇල්ලේ බස් අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වයි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බිහිසුණු බස්...

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...