මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට!

කොළඹ LNW:විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන්.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කලාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...